“සිංහල” සහ සංහිදියාව…..!!!!

මිනිස්සු ඕන තරම් එක එක සෙල්ලම් කරනවා……, සෙල්ලම් දානවා. සමහර අය ” වචන” අල්ලගෙන සෙල්ලම් කරනවා, වචන හින්දා රණ්ඩු වෙනවා…., හිත් අමනාපකම් ඇති කර ගන්නවා…..මරා ගන්නවා. ඒ එක එක “වචන” නිසා.

මිනිස්සු  බොහෝමයක් වචනයක් කියපු ගමන් කුලප්පු වෙනවා……. එහි තේරුමක් පිළිබඳව වැටහීමක් නොමැතිව ප්‍රශ්ණ ඇති කර ගන්නවා. සමහර වචන, ජාතීය ආගම ඇදහිල්ල කතාකරන භාෂාව ප්‍රදේශ අනුව හරිම සංවේදියි. සමහර අයට මේවා කියා දෙන්න විශ්ලේෂනය කරගන්න තේරෙන්නේ නැහැ. ඔන්න එහේම වුනාම එක එක  ලේබල් ගහනවා……ලේබල් වදිනවා….. (ජා…..න්….. ආ….දීන්…..)

“සිංහල ” කියන වචනය ට ඒ වගේම ලංකාව පිළිබඳව ඉතා විශිෂ්ඨ අර්ථකතනයක්, ගීතයකින් කරන විග්‍රාහායක් පසුගියදා මම දැක්කා. ඒ නිසාම මෙම සටහන ඔබ හමුවේ තැබීමට මට සිතුණා.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පුජ්‍ය පාතේගම ඥාණේස්වර ස්වාමින් වහාන්සේ  සිදුකරන මෙම විග්‍රාහාය හොඳින් අහාන්න….බලන්න. අපි වචන එක්ක කරන ගණුදෙනුව හරියාකාරව සිදු කල යුතු බවට කාලෝචිත විස්තර කීරිමක් උන් වහාන්සේ සිදුකරනවා.

පහාතින් තිබෙන මෙම විඩීයෝව බලන්න…..

( වටිනා කාලෝචිත අදහස් දැක්වීමකට හැමදෙනාටම විවෘතයි……!!)

Advertisements

රූකාන්තත් කලා ලෝකයට අහිමි කිරීම හෙවත් කලාව දේශපාලානාරූඩ කිරීම…??

රූකාන්ත ගුණතිලක යනු සංගීත ලොවේ දැවන්තයකි. ඔහු දක්ෂ ගායන ශිල්පියෙකි, ඔහු දක්ෂ සංගීත අධ්‍යෂවරයකි. ජනසමුහයක් ම පිළිගත් ගායන ශිල්පියෙකි. අවුරුදු ගණනාවකට පෙර ඔහු ඇතුලු ඔහුගේ පවුලේ අය අති භයානක මැර තර්ජනයකට ලක්වුණු බව ද අප කවුරුත් දන්නා කරුණකි.

දැන් රනිල් වික්‍රමසිංහ ඒ ආදරණීය ගායකයාවත් කලා  ලෝකයට අහිමි කරන්න යන්නේ අමුතු විදියකටයි. ඒ ඔහුගේ හිස මතට රත්තරන් ඹටුන්නක් යැයි පෙන්වමින් දඹදෙණියේ ආසන සංවිධායකධුරය යන කටු ඹටුන්න ඔහුගේ හිස මත පලදවමිනි.

f4179469541bb0254989d713cb4a64c2

(ඡායාරූපය: අන්තාර්ජාලයෙනි)

කලා ලෝකය ලස්සන වන්නේ කලාකරුවන්ගෙනි. ඒ කලාකරුවන්ට කිසිදු භේදයකින්  තොරව ජනතාව ආදරය කරන්නේ ඔවුන්ගේ කලා නිර්මාණ රසවිඳින නිසයි. කලාකරුවන් ගැන කුමන කතාද, හාමුදුරුවොත් එක එක පක්ෂ වලට බෙදිලා මිනිසුන්ව බෙදනවා. සිවුරු කැහැපොට ගහාගෙන ඡන්දේ ඉල්ලනවා. දේශපාලන වේදිකා වලට නැගලා තවත් කණ්ඩායමකට එරෙහිව යටිගිරියෙන් කෑ ගහාලා අමු තිත්ත කුණුහරුපෙන් බණිනවා.

බුදුන් වහාන්සේ දේශණා කල ශ්‍රී සද්ධර්මය  සිවුරු පෙරවා ගත්ත ඒ ඒ උන්නාන්සේලාගේ අධික වු කාමභෝගී අවශ්‍යතා මත වෙනස් කරමින් ජනතාව නොමග යවමින් ඔවුන් අතර අසමගිතාවය වෛරය ඇති කරනවා. ( සැ.යු:  බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය සුරකින සිල්වත් ස්වාමින් වහාන්සේලාට මෙය අදාලම නොවේ).

කලාව, ආගම උපයෝගී කර ගනිමින් මිනිසුන් ව භේද බින්න කරනවනම් ජාතීය, කුලය හා භාෂාව පදනම් කරගනිමින් කරන  බෙදීම් පිළිබඳව කවර කතාද?.  රූකාන්තව කලා  ලෝකයට අහිමි කරන්න යන අමුතු විදිය ගැන හරි අපුරු විග්‍රාහායක් SL Vlog කරන දර්ශන හඳුන්ගොඩ අපේ සහෝදර හිතවතා මෙන්න මේ විදියට පල කරලා තියෙනවා.

කලාකරුවන්…. ආගමික නායකයින්….. කිසිදු දේශපාලන පක්ෂයකට කොටු විය යුතු ගාල් කර තැබිය යුතු පිරිසක් නොවේ. ඔවුන් ජනතාවට හරිමග පෙන්වන සමාජය යහපැවත්මකට යොමු කරන පිරිසක් විය යුතු බවයි මා දරන මතය වන්නේ. ඒ නිසා රූකාන්තට ඔහුගේ කලා ලෝකය අහිමි නොකිරීමට නම් ආදරණීය ජනතාව ඉදිරියේදී තීන්දුවක් ගත යුතුය. ඒ තීන්දුව ජනතාව හරියට ගත්තොත් දිනන්නේ රූකාන්තය…..පරදින්නේ රනිල්ය.

ඒ මක්නිසාද යත් ජනතාව වෙනුවෙන් ඔහුට දිගටම කලාව තුල රුඳී සිටීමට ජනතා තීන්දුව ලබා දෙන හෙයිණි……!!

 

අම්මලා සහ අප්පච්චිලා……

පසුගිය දවසේ රූපවාහිණියෙන් විකාශය වු “සිහිනයකි රෑ “වැඩසටහන බැලුවෙමි. මම කොහොමත් ඒ වැඩසටහන බලන ප්‍රේක්ෂකයෙකි. එදා එම වැඩසටහනට වැඩම කර සිටියේ ජේ්්‍යෂ්ථ මහාචාර්ය අපේ අති ගෞරවණීය පාතේගම ඥාණේස්වර ස්වාමින් වහාන්සේය.

එහිදි ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචිත මර්වින් පෙරේරයන් ගායනා කල “කතරක තනි වී” ගීතය පිළිබඳව  අපේ හාමුදුරුවන් වහාන්සේ විචාරයක යෙදිණි.  එම විචාරය අතර තුර උන්වහාන්සේගෙන් අසන්න ලැබුණු වටිනා කතාවක් මගේ හිතට කා වැදුණා.

අද ඉන්නේ දරුවෝ ඉන්න ගැහැණුයි…..දරුවෝ ඉන්න පිරිමියි…., දරුවෝ ඉන්න අම්මලා, දරුවෝ ඉන්න අප්පච්චිලා අද අඩු වෙලා…..අම්මා අප්පච්චි කියන්නේ උදාර වචන. අම්මා කෙනෙක් වෙන්න බැහැ හැමෝටම…. අප්පච්චි කෙනෙක් වෙන්න බැහැ හැමෝටම…. සිවුබඔ දරන දරුවෝ ඉන්න කාන්තාව තමයි අම්මා කියන්නේ….. සිවුබඔ දරන දරුවෝ ඉන්න පිරිමියා තමයි අප්පච්චි. ඒ නිසා අද අපේ රටේ අම්මලා අප්පච්චිලා ගොඩාක් අඩුයි.

මේ කතාවේ තිබෙන යථාර්තය බලන්න, අපේ අද සමාජයේ දරුවන් කොච්චර අසරණද? දෙමව්පියන් කාර්ය බහුල වෙලා…. ඔවුන් ඔවුන්ගේ ලෝක වල…. වැඩිහිටියෝ සල්ලී පස්සේ දුවනවා. දරුවන් ඔවුන්ගේ ලෝක වල, අන්තර්ජාලය තුල අතරමං වෙලා. සමහර ගැහැණු ඉපදුණු ගමන් තම දරුවව මරලා දානවා, තවත් ගැහැණු තම ඉපදෙන්න ඉන්න දරුවව මරණවා හෝ මරවණවා.

ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් උත්සව ගන්නවා, දවස් ගාණකින් මාස ගාණකින් දික්කසාද වෙනවා. දික්කසාද නඩු සීග්‍රයෙන් වැඩිවෙලා. නීතිඥයන්ට සල්ලි උල්පතක් වෙලා. තවත් උසාවී කාමර වැඩිකරලා දික්කසාද නඩු අහාන්න. විවාහය තුල අවබෝධය ගරු කිරීම නැතිවෙලා. මිනිස්සු යන්ත්‍ර වගේ. ආදරය කරුණාව ගරු කිරීම ඉවසීම වේගයෙන් මිනිසුන්ගෙන් ඈත් වෙනවා.

ලස්සනට ජීවත් වු පවුල් අවුල් වී ගෙන යනවා. දු දරුවන් දෙමාපියන් අතර සම්බන්ධය දරුණු ලෙස බිඳ වැටිලා.  මොකක්ද මේ වෙන්නේ……….

මට මතක් වෙනවා ලස්සන ගීතයක් සෝමතිලක ජයමහා ශූරීන්  ගායනා කරන. මෙම ගීතය අහලා බලන්න…….. පවුල තුල තිබෙන සතුට…..අද පවුල තුලත් මේ විදියට ම තිබෙනවා ද කියලා.

අදට නවතිමි………!!

 

පච වීම නොහොත් ලැජ්ජා නැතිකම….

ජාතික වීරයෙක් විදියට ජනතාව ගෞරව දක්වන තරම් සිටි මහින්ද මේ වගේ අජුත ලෙස පච වන්නේ ඔවුන් විසින්ම සිදු කරගන්නා අමන ක්‍රීයාවන් නිසාය. දැන්වත් ඔබ වටේ ඉන්න ගොන් බයියලාගෙන් ඈත්වෙලා ඔබේ විශ්‍රාම දිවිය ශිරන්ති සමග සුවෙන් ගත කරන්න. ඔය නාමල් බේබිටයි යෝෂිතටයි කියන්න තවත් ගොන්කම් කර කර ඉන්නේ නැතිව රගර් මැච් එකක් ගහලා රටට කීර්තියක් ගේන්න කියලා. ඔබගේ රොකට් පුතාට කියන්න NASA එකට ගිහිල්ලා අර අඟහරු ග්‍රාහායා වෙත යවන කණ්ඩායමට එක්කෙනෙක් අඩුවෙලා ඉන්නවා, අන්න ඒ කණ්ඩායමට එකතු වෙන්න කියන්න. අඩුගානේ අපේ එකෙක් අඟහරු වලට පා තැබුවා කියන්නවත්…..

ඔය ගඳ ගහන මැක්කෝ කිණිතුල්ලෝත් දැන් ඇති මේ තරම් ලේ බිව්වා….. මේ රට හරි මාවතට ගන්න හොඳ බුද්ධිමත් මිනිස්සු ඉන්නවා. ඔවුන්ට ඒ සඳහා අවස්ථාව ලබා දී අපි හැමදාම දකින පරවුණු මුහුණු, දැන් ඔබට නික්ම යන්නට කාලය පැමිණ ඇත.

මහින්ද….. පච වුණා ඇති නේද…..????

අද ගොසිප් ලංකා නිවුස් විස්තරය ත් මේ සමග බලන්න.

https://www.gossiplankanews.com/2018/12/mahinda-judge.html#more

රට කරවන්ට නම්……….

අපේ රටේ ජනතාව ට තවත් ගෙම්බන් හොරුන් මිණිමරුවන් සල්ලාලයින් මැරයින් ස්ත්‍රී දුෂකයින් පත්කර ගැනීමට අවස්ථාව උදා වී ඇත. උඩදාගෙන උන්ටම නැවතත් කතිරේ ගහපල්ලා……අවුරුදු 70ක් උඹලා උන්වම ඕනෑ කියලා කෑ ගහ ගහ හිටියනේ. ආයේ ගහපල්ලා……….   අනේ……..,   උඹලට දෙවියන්ගේම පිහිටයි…..!!!

අපේ රටේ අනාගතය පිළිබඳ මට හිතෙන දේවල් කොසොල් රජතුමන් අනාගතය පිළිබඳ දුටු සිහින 16 වගේ ම මට මතක් වෙන්නේ අපේ ආචාර්ය නන්දා මාළිණියන් ගායනා කරන මෙම ගීතයයි.  “රට කරවන්න ට නම්……..”

ජීවිතය නොදකින අපේ දරුවෝ…..

මනුස්සයකු වෙලා ඉපදීම ම උතුම් වු කුසල කර්මයන් හි ප්‍රතිඵලයක් බව අප කවුරුත් දන්නවා.  මිනිස් ජීවිතයක් නීරෝගි  ලෙස ලැබෙනවා කියන්නේද මහාත් වු භාග්‍යයක්.  එවන් වු වටිනා ජීවිතයක් උරුම වී ජීවිතය විනාශය කරා රැගෙන යන දු දරුවන් අද වන විට විශාල වශයෙන් දකින්නට ලැබෙනවා.

අන්තර්ජාලයේ හුවමාරු වී මා හට දකින්නට ලැබුණු මෙම වීඩියෝව වර්තමාන දරු පරපුරේ, තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳ මැවෙන අදුර එසේත් නැත්නම්  ඛෙදවාචකය කදිමට පෙන්වා දෙනවා. අයහපත් මිතුරු ඇසුරෙන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන දරුවන්, තරුණ තරුණියන් ඔවුන් මොනවද කරන්නේ කියාවත් නොදැන අවුල් වු මනසකින් ජීවිතයේ වටිනාකම අතහරිනවා. ඔවුනට වටිනාම දෙය වන්නේ මත් වෙලා තාවකාලිකව විදින කාලකණ්නි සතුට පමණයි.

මෙම තත්ත්වයෙන් අපේ දරුවන් තරුණ තරුණියන් මුදවා ගැනීමට අප ඉක්මනින්ම කටයුතු නොකලහොත් තවත් අවුරුදු 10න් පමණ අනාගත අපේ රට,  අපරාධ වලින් ඉහලින්ම සිටින බෙලහීන මිනිසුන්ගෙන් සමන්විත තවත් ” හයිටි “  රාජ්‍යයක් වනු නොඅනුමානයි.

අපේ දරුවන් වෙනුවෙන්………..අනාගතය වෙනුවෙන්…….. අද දවසේ හැමෝටම වගකීමක්, යුතුකමක්……. ඇති බවයි මාගේ හැඟීම…….!!!!!

 

කොළඔ ඇල්ලීම හා නාඩගම් – 2 “රාජපක්ෂගේ රස්තියාදුව”

ජනබලයට පැමිණි පුද්ගලයකු හෘදයාබාධයකින් මරුට – බීමත්ව රෝහල් ගතවූවන් 81 යි – අවුල් වුනේ රෑට බොන්න නොදුන් නිසාද?

උද්ඝෝෂණයට පෙර සිටම නාමල් හිල්ටන් එකේ මහින්ද අද රෑ ටජ් එකේ හිටපු ඇමතිවරු ෂ්‍රැංග්‍රිලා එකේ

ජනබලය නිසා ගෙදර යන්න බැරිව කාර්යාල සේවකයින් අපහසුතාවයේ

උපුටා ගැනීම:  ගොසිප් ලංකා

මේ අන්තර්ජාලයේ වාර්තා කර තිබු පුවත් සිරස්තල කිහිපයකි. නාමල් බේබිගේ මග පෙන්වීම යටතේ මහින්දගේ රස්තායාදුව  සිදුවී තිබුණේ එදා වේලා පිරිමසා ගැනීම සඳහා ජීවන අරගලයක යෙදෙන විශාල අසරණ මිනිසුන් පිරිසක් රස්තියාදු කරමිණි.

මේ ඒ මිනිසුන්ගේ හඬයි…………