ඥාණසාර නාටකය….

එක්නැලිගොඩ – ඥාණසාර නාටකයේ තවත් එක් කොටසක් ප්‍රේක්ෂකයින් මවිතයට පත්කරමින්  අද අවසන් විය. ජනතාව…..ප්‍රේක්ෂකයින් පුල පුලා බලා සිටින 2020 මහා නාටකයට පෙර ඥාණසාර නාටකයේ තවත් රසබර  කොටස්  ඉදිරියේ දී වරින් වර ප්‍රේක්ෂකයින්ට දැක බලා ගත හැකි බව එහි ප්‍රධාන අධ්‍යක්ෂවරයා මෙන්ම සුදු වෑන් ක්‍රියාදාම නාටක මාලාවේ අධ්‍යක්ෂධුරාන්දර (………. …….) ඇතුලු සහාය අධ්‍යක්ෂවරුන් (….. ,……., ……, ……,……) දේශ හිතේෂී මාධ්‍යයන් වෙත දන්වා සිටියි.

ජනතාවට දැනෙන බදු බර, ප්‍රශ්ණ, රටේ සම්පත් හොරා කෑම, ඇතුලු අනේක විධ ප්‍රශ්ණ හැම දෙයක්ම අමතක කර තලු මර මර රසවිඳිය හැකි අලුත් ම කොටස් කිහිපයක් ඉදිරියේ විකාශණය වන බව ද අධ්‍යක්ෂවරුන් වැඩිදුරටත් පවසයි.

නැවතත් කෙටි විරාමයක්……………!!!!

තිරිසන් වු මිනිසුන් හමුවේ අවසන් ගමන් ගිය තිරිසනා…..

මිනිස්සු ඉවක් බවක් නැතිව කැළැ කපා දමයි. අලි ඇතුන්, වළසුන්, දිවියන්, මුවන් වැනි වනසතුන් නිකරුණේ මරා දමනවා. තවත් පැත්තකින් මිනිස්සු කියන්නේ අලි ඇතුන් ගහලා මින්ස්සු මැරෙනවා කියලා….වලස්සු මිනිසුන්ව හපා කනවා කියනවා. දිවියන් ගම් වදිනවා කියනවා. ඉතින් මේවා ඇත්තනේ…..?

ඇයි මෙහේම වෙන්නේ…..???

මිනිස්සු, මිනිස්සුන්ට ආදරය කරන්නේ නැහැ…..

මිනිස්සු, ගහා කොළ සතා සිවුපාවට ආදරය කරන්නේ නැහැ…..

කොටින්ම කිව්වොත් මිනිස්සු, පරිසරයට ආදරය කරන්නේ නැහැ……

ඉතින්…., මෙහේම මිනිස්සුන්ට කවදාවත් සොබා දහාමෙන් පිහිටක් ලැබෙන්නේ නැහැ.

සත්තුන්ගේ නිජභූමී උන්ගේ වාසස්ථාන උන්ට අහිමි වෙන කොට ඒ අහිංසක තිරිසන් සත්තු ජීවත් වෙන්න මාර්ග හොයනවා. අන්තිමට ඒවා කෙලවර වෙන්නේ ඛේදවාචක වලින්.

“මේ මහ පොළව අපට වගේම සතා සිවුපාවුන්ටත් ගහාකොළවලටත් උරුම බව මිනිසුන් නිතරම සිහිතබා ගත යුතුව ඇත”.

ඉතිහාසය නොදකින අපේ සිං(හ/අලයෝ)….

අද උදේ මාගේ පරිගණකය බලන්න ගත්තහම  හරි වටිනා Video clip එකක් දැක්කා. අපේ දේශීය ගොවිතැන වලපල්ලට යවන්න බහුජාතික සමාගම් කරලා තියෙන අපුරු උපක්‍රම අදාල දේශණය කරන දේශක මහතා හරි අපුරුවට පෙන්නලා දෙනවා. අපි අපිවම රවට්ටගෙන බවයි මටනම් හිතෙන්නේ.

අපේ තිබු පාරම්පරික දේශීය  වෛද්‍ය ක්‍රම සැත්කම් පිළිබඳව වටිනා විග්‍රාහයක් මම දැක්කා. මට ඇති වු බලවත් ප්‍රශ්ණය තමයි, ඥාණසාරලා උඩදාගෙන ඒ පස්සේ දුවන…….අර  ගොබ්බ හොර තක්කඩි  දේශපාලුවන් දේවත්වයෙන් අදහන මේ අපේ මහාහාහාහා…..ම ජාතිය කිහා ගන්නා උදවිය මේවා ගැන හොයපල්ලකෝ. මෙන්න කතා කරන්න ඕන දේවල්……… ඇයි මේ වටිනාකම් කතා නොකරන්නේ……?

නැවත  ඉක්මනින් හමුවෙමු……..!!!