මනුස්සකමට කල නොහැකි දෙයක් නොමැත……!!

තායිලන්තයේ තම් ලුවාං ලෙනෙහි සිරවී සිටි ළමුන් 12 දෙනා සමඟ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරුද මුදවා ගැනීමට සහන සේවා බලකායන් පසුගිය දින ගණනාව පුරා වෙහෙස වු ආකාරය මුලු ලෝකයම බලා සිටියේ “අනේ මේ දරුවෝ ටික කොහෝම හරි නිරුපද්‍රතිව බේරා ගැනීමට ලැබේවායි ප්‍රාර්ථනා කරමිනි……….!!!!”

ඇමරිකාව, බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව ඇතුලු රටවල් ගණනාවකම විශේෂ පුහුණුව ලත් කිමිදුම් කණ්ඩායම් ඒ වගේම ජීවිතාරක්ෂක කණ්ඩායම් රාශියක් තායාලන්ත රජය සමග එක්වෙමින් මෙම ගුහාව තුල සිර වු 13 දෙනා බේරා ගැනීමට ස්වෙච්ඡාවෙන්ම කල දායකත්වය කැපකිරීම ඇත්තටම වචනගත කල නොහැක. ඒ තරමටම මනුස්සකම උතුරා ගිය කණ්ඩායම් හැඟීමෙන් වැඩ කර මෑත කාලයේ  ජීවිත බේරාගත් විශාලතම මෙහෙයුමක් බවට පත් විය.

දින 18කට පෙර  අතුරුදන් වූ ළමුන් සෙවීමේ සහ  බේරා ගැනීමේ මෙහෙයුම  මට සිහිගැන්වුයේ 2009 වසරේ ශ්‍රී ලංකාවේ මාවිල්ආරු අවසන් සටනේ ත්‍රස්තවාදී  ග්‍රාහාණය යටතේ සිටි ලක්ෂ දෙකහාමාරක පමණ වු අහිංසක ජනතාව මුදා ගැනීමට ශ්‍රී ලංකා හමුදාව දියත් කල මානුෂික මෙහෙයුමයි. ඒ වගේම චිලි රාජ්‍යෙය් පතලක සිර වී සිටි පිරිසක් බේරා ගැනීමට සිදුකල මෙහේයුමද මගේ මතකයට නැගෙයි.

ගුහාව තුල සිර වි සිටි දරුවන් බේරා ගැනීමට දායක වු ස්වෙච්ඡා කිමිදුම් කරුවකු ද මේ අතරතුර මියගියේ මෙම සිදුවීම් පිළිබඳව උනන්දුවෙන් සිටි හැමොගේම නෙත් කදුළින්  තෙත් කරමිනි.

පාපන්දු  ලෝක කුසලානය සඳහා රුසියාවේ දී රටවල් ගණනාවක තරඟකරුවන් ක්‍රීඩා කරද්දී  තායිලන්තයේ  පාපන්දු ක්‍රීඩා සමාජයක ක්‍රීඩකයින් වු මේ දරුවන් ඔවුන්ගේ පුහුණුකරුද සමඟ ගුහාවක් තුල ජීවිතයත් මරණයත් අතර සටනක හුදකලා වී සිටියේය………

“මනුස්සකමට කල  නොහැකි දෙයක්  නොමැති බව පසක් කරමින් හැමෝගේම ආදරය කරුණාව මැද මුලු ලෝකයක්ම බලාසිටි ඒ දරුවන් සියලු දෙනාම අද දවස වන විට මුදාව ගත් බවට ජනමාධ්‍ය මඟින් ප්‍රකාශ කලේ හැමෝගේම බලාපොරොත්තු සතුටු කරවමිනි……”