දරුවන්…ශිෂ්‍යත්ව විභාගය සහ නොසන්ඩාලයෝ…….

අද (2018.08.05) ලංකාවේ ප්‍රවෘත්ති බලන විට ඉතාම අනුවේදනීය පුවත් කිහිපයක් දැක්කා. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්න ට සිටි දරුවන් පිරිසකට සිදුවු ඉතා අමිහිරි සිදුවීම් කිහිපයක් නිසා බලවත් කම්පනයකටත් සිත් වේදනාවකටත් මම පත් වුනෙමි.

ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටින දරුවන් වෙනුවෙන් පදවිය ප්‍රදේශයේ විහාරස්ථානයක සංවිධානය කර තිබු බෝධී පුජා පිංකම අතර තුර බඔර වදයක සිටි බඔරුන් ඇවිස්සී දෂ්ඪ කිරීමෙන් දරුවන් 200ක් පමණ පිරිසක් අනතුරට පත්වෙලා රෝහල් ගත කරලා.

මහියංගණය ප්‍රදේශයේදී සිය මව සමග  ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටීම සඳහා පාපැදියකින් ගමන් කරමින් සිටි දැරිවියකට වන අලි ප්‍රහාරයක් එල්ල  වීමෙන් මවත් එම දරුවාත් තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර ඉතා අමාරු තත්ත්වයෙන් එම අසර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ණ දරුවා  ඒ අසල වු පාසලක සිට විභාගයට පෙනි සිට ඇත.

තවත් ඉතා ම සංවේදී සිදුවීමක් වන්නේ, අම්පාර ප්‍රදේශයේ පසුගිය දිනෙක වන අලි ප්‍රහාරයෙන් මිය ගිය සිය ආදරණීය පියාගේ දේහය නිවසේ තැන්පත් කර තිබියදී, අද දින ශිෂ්‍යත්ව විභාගයට පෙනි සිටීමට මියගිය අයගේ දියණිය මියගිය සිය පියාට වැද නමස්කර කර විභාගයට පෙනී සිටිමට යාමට සිදුවීමයි.

මෙම සිදුවීම් දෙස බැලීමේදී ලංකාවේ දරුවන් කොතරම් අනාරක්ෂිතද…… අසරණ වෙනවාද යන්න අපට දැනෙනවා නේද??  ” අධ්‍යාපනය සැමට සමානයි ” ……, ” ළඟම පාසල හොඳම පාසල ”  කියලා මහ උදවිය පම්පෝරී ගැහුවට…….මොන බම්බුවක් ද මේ……..???? මේ සමාන අධ්‍යාපනය ද????

අපේ  සාමන්‍ය ජනතාවගේ  දරුවන් හැමදාම අසරණයි………

කොළඹ කාර් එකෙන් හෝ බස් එකෙන් ශිෂ්‍යත්ව විභාගයට යන දරුවයි…………… මහියංගණයේදී පා පැදියෙන් ගිහිල්ලා අලින්ට බිලිවන දරුවායි මේ ඔක්කෝම අපේ උන් නේද….??? ඇයි මහියංගණයේ……. අම්පාරේ දරුවෝ අමුතු කට්ටියක් ද????.

අනේ……. සමාවෙන්න………. මේක අලින්ගේ ප්‍රශ්ණයක් නෙමේ….. මේක මහා එවුන්ගේ  නොසන්ඩාලකම. ( මහ එවුන් කිව්වේ අර පඩිය 215% වැඩි කර ගන්න දඟලන දියවන්නාවේ සෙට් එක. අනේ එතන හොඳ උන් කිහිප දෙනෙකුත් ඉන්නවා…….හැබැයි උන් අසරණයි…….). කිසිම ප්‍රශ්ණයකට ලංකාවේ හරි උත්තර නැහැ…… ඔක්කෝම පැලස්තර උත්තර. උන් බලන්නේ උන්ගේ පඬිය වැඩිකර ගන්න. උන්ගේ පැවත්මට අවශ්‍යය දේවල් ටික කර ගන්න…… අවුරුදු 5 ක් කොහෝම හරි කුණු අවුස්ස අවුස්ස ඉඳලා, ජීවිතයටම උරුම වන පැන්ෂන් එකට තමයි උන් දඟලන්නේ.

හෙට එලිවෙන කොට තව තවත් මේ වගේ ප්‍රවෘත්ති ඕන තරම් තියෙයි………ඒත්…….., අපේ මිනිස්සු තවමත් වහාලුන් විදියටම එක එකා පස්සේ යයි…….!!!!!! ඔවුන්ට මේ ක්‍රමය වෙනස් කර ගැනීමට තරම් ප්‍රමුඛතාවයක් ඇති වී  නොතිබෙන බවයි මටනම් දැනෙන්නේ………….

පව්…………අසරණ…….. දරුවෝ………

අපේ උන්ගේ අනාගතය………….??????

( ඡායාරූප : ස්වර්ණවාහිණි පුවත් ඇසුරෙන්)