ජීවිතය නොදකින අපේ දරුවෝ…..

මනුස්සයකු වෙලා ඉපදීම ම උතුම් වු කුසල කර්මයන් හි ප්‍රතිඵලයක් බව අප කවුරුත් දන්නවා.  මිනිස් ජීවිතයක් නීරෝගි  ලෙස ලැබෙනවා කියන්නේද මහාත් වු භාග්‍යයක්.  එවන් වු වටිනා ජීවිතයක් උරුම වී ජීවිතය විනාශය කරා රැගෙන යන දු දරුවන් අද වන විට විශාල වශයෙන් දකින්නට ලැබෙනවා.

අන්තර්ජාලයේ හුවමාරු වී මා හට දකින්නට ලැබුණු මෙම වීඩියෝව වර්තමාන දරු පරපුරේ, තරුණ තරුණියන්ගේ අනාගතය පිළිබඳ මැවෙන අදුර එසේත් නැත්නම්  ඛෙදවාචකය කදිමට පෙන්වා දෙනවා. අයහපත් මිතුරු ඇසුරෙන් මත්ද්‍රව්‍ය භාවිතයට හුරුවන දරුවන්, තරුණ තරුණියන් ඔවුන් මොනවද කරන්නේ කියාවත් නොදැන අවුල් වු මනසකින් ජීවිතයේ වටිනාකම අතහරිනවා. ඔවුනට වටිනාම දෙය වන්නේ මත් වෙලා තාවකාලිකව විදින කාලකණ්නි සතුට පමණයි.

මෙම තත්ත්වයෙන් අපේ දරුවන් තරුණ තරුණියන් මුදවා ගැනීමට අප ඉක්මනින්ම කටයුතු නොකලහොත් තවත් අවුරුදු 10න් පමණ අනාගත අපේ රට,  අපරාධ වලින් ඉහලින්ම සිටින බෙලහීන මිනිසුන්ගෙන් සමන්විත තවත් ” හයිටි “  රාජ්‍යයක් වනු නොඅනුමානයි.

අපේ දරුවන් වෙනුවෙන්………..අනාගතය වෙනුවෙන්…….. අද දවසේ හැමෝටම වගකීමක්, යුතුකමක්……. ඇති බවයි මාගේ හැඟීම…….!!!!!

 

Advertisements