අම්මලා සහ අප්පච්චිලා……

පසුගිය දවසේ රූපවාහිණියෙන් විකාශය වු “සිහිනයකි රෑ “වැඩසටහන බැලුවෙමි. මම කොහොමත් ඒ වැඩසටහන බලන ප්‍රේක්ෂකයෙකි. එදා එම වැඩසටහනට වැඩම කර සිටියේ ජේ්්‍යෂ්ථ මහාචාර්ය අපේ අති ගෞරවණීය පාතේගම ඥාණේස්වර ස්වාමින් වහාන්සේය.

එහිදි ප්‍රේමකීර්තිද අල්විස් මහතා විසින් රචිත මර්වින් පෙරේරයන් ගායනා කල “කතරක තනි වී” ගීතය පිළිබඳව  අපේ හාමුදුරුවන් වහාන්සේ විචාරයක යෙදිණි.  එම විචාරය අතර තුර උන්වහාන්සේගෙන් අසන්න ලැබුණු වටිනා කතාවක් මගේ හිතට කා වැදුණා.

අද ඉන්නේ දරුවෝ ඉන්න ගැහැණුයි…..දරුවෝ ඉන්න පිරිමියි…., දරුවෝ ඉන්න අම්මලා, දරුවෝ ඉන්න අප්පච්චිලා අද අඩු වෙලා…..අම්මා අප්පච්චි කියන්නේ උදාර වචන. අම්මා කෙනෙක් වෙන්න බැහැ හැමෝටම…. අප්පච්චි කෙනෙක් වෙන්න බැහැ හැමෝටම…. සිවුබඔ දරන දරුවෝ ඉන්න කාන්තාව තමයි අම්මා කියන්නේ….. සිවුබඔ දරන දරුවෝ ඉන්න පිරිමියා තමයි අප්පච්චි. ඒ නිසා අද අපේ රටේ අම්මලා අප්පච්චිලා ගොඩාක් අඩුයි.

මේ කතාවේ තිබෙන යථාර්තය බලන්න, අපේ අද සමාජයේ දරුවන් කොච්චර අසරණද? දෙමව්පියන් කාර්ය බහුල වෙලා…. ඔවුන් ඔවුන්ගේ ලෝක වල…. වැඩිහිටියෝ සල්ලී පස්සේ දුවනවා. දරුවන් ඔවුන්ගේ ලෝක වල, අන්තර්ජාලය තුල අතරමං වෙලා. සමහර ගැහැණු ඉපදුණු ගමන් තම දරුවව මරලා දානවා, තවත් ගැහැණු තම ඉපදෙන්න ඉන්න දරුවව මරණවා හෝ මරවණවා.

ලක්ෂ ගණන් වියදම් කරලා වෙඩින් උත්සව ගන්නවා, දවස් ගාණකින් මාස ගාණකින් දික්කසාද වෙනවා. දික්කසාද නඩු සීග්‍රයෙන් වැඩිවෙලා. නීතිඥයන්ට සල්ලි උල්පතක් වෙලා. තවත් උසාවී කාමර වැඩිකරලා දික්කසාද නඩු අහාන්න. විවාහය තුල අවබෝධය ගරු කිරීම නැතිවෙලා. මිනිස්සු යන්ත්‍ර වගේ. ආදරය කරුණාව ගරු කිරීම ඉවසීම වේගයෙන් මිනිසුන්ගෙන් ඈත් වෙනවා.

ලස්සනට ජීවත් වු පවුල් අවුල් වී ගෙන යනවා. දු දරුවන් දෙමාපියන් අතර සම්බන්ධය දරුණු ලෙස බිඳ වැටිලා.  මොකක්ද මේ වෙන්නේ……….

මට මතක් වෙනවා ලස්සන ගීතයක් සෝමතිලක ජයමහා ශූරීන්  ගායනා කරන. මෙම ගීතය අහලා බලන්න…….. පවුල තුල තිබෙන සතුට…..අද පවුල තුලත් මේ විදියට ම තිබෙනවා ද කියලා.

අදට නවතිමි………!!