රූකාන්තත් කලා ලෝකයට අහිමි කිරීම හෙවත් කලාව දේශපාලානාරූඩ කිරීම…??

රූකාන්ත ගුණතිලක යනු සංගීත ලොවේ දැවන්තයකි. ඔහු දක්ෂ ගායන ශිල්පියෙකි, ඔහු දක්ෂ සංගීත අධ්‍යෂවරයකි. ජනසමුහයක් ම පිළිගත් ගායන ශිල්පියෙකි. අවුරුදු ගණනාවකට පෙර ඔහු ඇතුලු ඔහුගේ පවුලේ අය අති භයානක මැර තර්ජනයකට ලක්වුණු බව ද අප කවුරුත් දන්නා කරුණකි.

දැන් රනිල් වික්‍රමසිංහ ඒ ආදරණීය ගායකයාවත් කලා  ලෝකයට අහිමි කරන්න යන්නේ අමුතු විදියකටයි. ඒ ඔහුගේ හිස මතට රත්තරන් ඹටුන්නක් යැයි පෙන්වමින් දඹදෙණියේ ආසන සංවිධායකධුරය යන කටු ඹටුන්න ඔහුගේ හිස මත පලදවමිනි.

f4179469541bb0254989d713cb4a64c2

(ඡායාරූපය: අන්තාර්ජාලයෙනි)

කලා ලෝකය ලස්සන වන්නේ කලාකරුවන්ගෙනි. ඒ කලාකරුවන්ට කිසිදු භේදයකින්  තොරව ජනතාව ආදරය කරන්නේ ඔවුන්ගේ කලා නිර්මාණ රසවිඳින නිසයි. කලාකරුවන් ගැන කුමන කතාද, හාමුදුරුවොත් එක එක පක්ෂ වලට බෙදිලා මිනිසුන්ව බෙදනවා. සිවුරු කැහැපොට ගහාගෙන ඡන්දේ ඉල්ලනවා. දේශපාලන වේදිකා වලට නැගලා තවත් කණ්ඩායමකට එරෙහිව යටිගිරියෙන් කෑ ගහාලා අමු තිත්ත කුණුහරුපෙන් බණිනවා.

බුදුන් වහාන්සේ දේශණා කල ශ්‍රී සද්ධර්මය  සිවුරු පෙරවා ගත්ත ඒ ඒ උන්නාන්සේලාගේ අධික වු කාමභෝගී අවශ්‍යතා මත වෙනස් කරමින් ජනතාව නොමග යවමින් ඔවුන් අතර අසමගිතාවය වෛරය ඇති කරනවා. ( සැ.යු:  බුදුරදුන්ගේ ශ්‍රී සද්ධර්මය සුරකින සිල්වත් ස්වාමින් වහාන්සේලාට මෙය අදාලම නොවේ).

කලාව, ආගම උපයෝගී කර ගනිමින් මිනිසුන් ව භේද බින්න කරනවනම් ජාතීය, කුලය හා භාෂාව පදනම් කරගනිමින් කරන  බෙදීම් පිළිබඳව කවර කතාද?.  රූකාන්තව කලා  ලෝකයට අහිමි කරන්න යන අමුතු විදිය ගැන හරි අපුරු විග්‍රාහායක් SL Vlog කරන දර්ශන හඳුන්ගොඩ අපේ සහෝදර හිතවතා මෙන්න මේ විදියට පල කරලා තියෙනවා.

කලාකරුවන්…. ආගමික නායකයින්….. කිසිදු දේශපාලන පක්ෂයකට කොටු විය යුතු ගාල් කර තැබිය යුතු පිරිසක් නොවේ. ඔවුන් ජනතාවට හරිමග පෙන්වන සමාජය යහපැවත්මකට යොමු කරන පිරිසක් විය යුතු බවයි මා දරන මතය වන්නේ. ඒ නිසා රූකාන්තට ඔහුගේ කලා ලෝකය අහිමි නොකිරීමට නම් ආදරණීය ජනතාව ඉදිරියේදී තීන්දුවක් ගත යුතුය. ඒ තීන්දුව ජනතාව හරියට ගත්තොත් දිනන්නේ රූකාන්තය…..පරදින්නේ රනිල්ය.

ඒ මක්නිසාද යත් ජනතාව වෙනුවෙන් ඔහුට දිගටම කලාව තුල රුඳී සිටීමට ජනතා තීන්දුව ලබා දෙන හෙයිණි……!!